දේශීය

පෙර පාසල් සඳහා නව නීතියක්. ජූලි 1ට පෙර ලියාපදිංචිය අනිවාර්යයි.

දිවයින පුරා ක්‍රියාත්මක වන සියලුම පෙර පාසල් මෙම වසරේ ජූලි 1 වන දිනට පෙර අනිවාර්යයෙන් ලියාපදිංචි කළ යුතු බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි මහත්මිය ප්‍රකාශ කර තිබෙනවා.

ඇය වැඩිදුරටත් සඳහන් කළේ, අනාගතයේදී නව පෙර පාසලක් ආරම්භ කිරීමට පෙර නිල ලියාපදිංචිය ලබා ගැනීම අනිවාර්ය වන බවයි.

මෙම ප්‍රකාශය සිදුකර ඇත්තේ,
මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති පෙර පාසල් අධ්‍යාපන වැඩසටහන් සම්බන්ධ දැනුවත් කිරීමේ වැඩසටහනක් අමතමිනුයි.

ළමුන්ගේ ආරක්ෂාව, ගුණාත්මක අධ්‍යාපනය සහ නිසි නියාමනය තහවුරු කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති බව සඳහන් වනවා.

පෙර පාසල් පවත්වාගෙන යන සියලු දෙනාට නියමිත කාලසීමාවට පෙර ලියාපදිංචිය සම්පූර්ණ කර නීතිමය ගැටලු වලින් වැළකී සිටින ලෙස දැනුම්දී තිබෙනවා.

Shares: