දේශීය

ලාෆ්ස් ගෑස් මිලෙහි වෙනසක් නෑ..

මාසික මිල සංශෝධනය අනුව ලාෆ්ස් ගෑස් මිල සම්බන්ධව එම ආයතනය දැනුම් දීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව සැප්තැම්බර් මාසයට අදාළව ලාෆ්ස් ගෑස් මිලේ කිසිදු වෙනසක් සිදුනොවන බවයි එහි අධ්‍යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ.පීරිස් මහතා පවසා ඇත්තේ.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4,100ක් වන අතර කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල වන්නේ රුපියල් 1,645ක්.

Shares: