දේශීය

කාන්තා කොමිෂන් සභාවක් පත්කිරීමට රජයේ අවධානය

කාන්තාවන්ට ඇතිවන ගැටලු නිරාකරණය කිරීම සඳහා කාන්තා කොමිෂන් සභාවක් පත්කිරීමට රජයේ අවධානය යොමු වීී ඇති බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සඳහන් කළා.

මෙම කොමිෂන් සභාව සඳහා දැනටමත් සත්දෙනෙකුගෙන් යුත් සාමාජිකයින් පිරිසක් පත්කර ඇතිි බවයි වාර්තා වන්නේ.

2024 අංක 34 දරණ කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත යටතේ ලැබී ඇති බලතල අනුව මෙම සාමාජිකයින් පත්කර තිබෙනවා.

මෙම කොමිෂන් සභාව හරහා රජයේ මෙන්ම පෞද්ගලික අංශයේ රැකියා ස්ථානවලදී කාන්තාවන්ට සිදුවෙන ගැටලු, හිරිහැර සහ අසාධාරණකම් සම්බන්ධයෙන් පැමිණිලි කිරීමේ හැකියාව ලැබෙනු ඇති.

එමෙන්ම මෙමඟින් කාන්තාවන් සම්බන්ධයෙන් අධිකරණ තුළ පවතින නඩුව විභාග සඳහා ද අවශ්‍ය උපදෙස් ලබා දෙනු ලබනවා.

Shares: