දේශීය

නියම කළ උපරිම මිලට ඖෂධ අලෙවි කරන්නේ දැයි සොයනවා – ඖෂධ නියාමන අධිකාරිය

උපරිම මිළ නියම කළ ඖෂධ එම මිල ගණන්වලට අලෙවි කරන්නේදැයි සොයා විමර්ශන ආරම්භ කරන බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසනවා.

එම කොමිසම සඳහන් කළේ උපරිම මිල නියම කළ ඖෂධ ලැයිස්තුව මේ වනවිට WWW.NMRA.GOV.LK වෙබ් අඩවියේ ප්‍රදර්ශනය කර ඇති බවයි.

එම මිළ ගණන් ඉක්මවා ඖෂධ අලෙවි කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් වෙබ් අඩවිය හරහා පැමිණිලි කිරීමේ හැකියාවද පවතින බව ඔවුන් කියා සිටියා.

ඖෂධ නියාමන අධිකාරිය පසුගියදා පියවර ගනු ලැබුවේ ඖෂධ වර්ග 350 කට උපරිම මිල නියම කිරීමටයි.

එම මිල නියම කිරීමත් සමග ඇතැම් ඖෂධ වර්ගවල මිළ ගණන් සියයට 40 කට උපරිමයකට යටත්ව මිළ අඩු කෙරුණා.

Shares: