දේශීය

වාහන ආනයනය ස්ථාවර තත්ත්වයකට ?

නොවැම්බර් සහ දෙසැම්බර් යන මාස වලදී වාහන ආනයනය යම්කිසි ආකාරයකට ස්ථාවර තත්ත්වයකට පැමිණ ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.

ඔහු මේ බව පැහැදිලි කරමින් පෙන්වා දුන්නේ මේ වනවිට රථවාහන මිල ගණන්ද අඩු වී ඇති බවයි .

අද (26) පෙරවරුවේ මහ බැංකු පරිශ්‍රයේ පැවති මුදල් ප්‍රතිපත්ති විවරණය දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.

ආර්ථික අර්බුදයෙන් පසු මෙරට උපයන ලද ඉහළම සංචිත ප්‍රමාණය මෙම වසර අවසානයේ දී වාර්තා කළ හැකි බවත් ඒ මහතා එහිදී පෙන්වා දුන්නා.

එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ 5වැනි වාරිකය දෙසැම්බර් 15 වනදා අනුමත වන අතර ආසියානු සංවර්ධන බැංකුවෙන් සහ ලෝක බැංකුවෙන්ද මුල්‍යම සහායක් දෙසැම්බර් මාසයේ දී ලැබීමට නියමිත බවද සඳහන් .

 විදේශ ප්‍රේෂණ සහ සංචාරක ආදායමද වසර අවසානය වන විට ඉහළ යන බැවින් අදාල ඉලක්කය කරා යාමට හැකි බව ඒ මහතා වැඩිදුරටත් පැහැදිලි කළා.

Shares: