අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාව ගලවා ගැනීමේ මෙහෙයුම්වල නිරතව සිටියදී අද (30) පස්වරුවේ ලුණුවිල ප්‍රදේශයේ දී අනතුරට ලක් වූ හෙලිකොප්ටර් යානයේ ගුවන් නියමුවා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
වින්ග් කමාන්ඩර්වරයෙකු වූ ඔහු මාරවිල මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ 41 හැවිරිදි වියේ පසුවූ ගුවන් නියමුවෙක්.
මෙම අවාසනාවන්ත අනතුරට මුහුණපෑවේ බෙල් 212 වර්ගයේ යානයක්.
එය ආපදා හේතුවෙන් විපතටපත්ව සිටින ජනතාව වෙත ආහාර ද්‍රව්‍ය ඇතුළු සහන සේවා ලබාදීමට අද (30) පෙරවරුවේ සිටම විශාල මෙහෙවරක් ඉටුකරමින් සිටියා.
එලෙස ලුණුවිල පාලම අසල සිටි පිරිසකට ආහාර ද්‍රව්‍ය ඇතුළු උපකරණ ලබාදීම සඳහා කටයුතු කරමින් සිටියදී මෙම අනතුර සිදුව තිබෙනවා.
මෙම අනතුරින් හෙලිකොප්ටර් යානයේ ගමන්ගත් තවත් 4ක් මේ වනවිට මාරවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.











