ජල ගැලීම්වලට ලක්වු ප්‍රදේශවල ජනතාව පානීය ජලය භාවිත කිරීමේදී දැඩි ලෙස සැලකිලිමත් විය යුතු බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
ජල ගැලීම්වලට හසු වූ ප්‍රදේශවල ළිං ජලය පානය කිරීමෙන් වළකින ලෙසයි එහි ලේකම් චමිල් මුතුකුඩ මහතා සඳහන් කළේ.
එමෙන්ම පාචනය වැනි තත්ත්වයන් ඇතිවීමේ දැඩි ප්‍රවණතාවයක් ඇති බැවින් හැකිතාක් උණුකර නිවා ගත් ජලය පානය කරන ලෙස ද ඒ මහතා දැනුම් දෙනවා.
වැඩිදුරටත් අදහස් දක්වමින් ලේකම්වරයා කියා සිටියේ කුඩා දරුවන්ට ද උණු කර නිවා ගත් ජලය පමණක් පානය කිරීමට ලබා දෙන ලෙසයි.
පවතින ආපදා තත්ත්වය හමුවේ මදුරුවන් බෝවීමේ ස්ථාන නිවාස අවට තිබිය හැකි බැවින් නිවාස පිරිසිදු කිරීමේ දී ඒ පිළිබඳව සැලකිලිමත් වෙමින් මදුරුවන් බෝවන ස්ථාන විනාශ කර දැමීමට කටයුතු කරන ලෙස ද ඔහු දන්වා සිටියා.
එසේ නොමැති වුවහොත් ඩෙංගු සහ චිකන්ගුන්යා පැතිරීමේ දැඩි අවදානමක් පවතින බවයි චමිල් මුතුකුඩ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.











