අම්බලන්ගොඩ නගරයේ පිහිටි වෙළෙඳ ආයතනයට අද (22) උදෑසන වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
වෙඩි තැබීමෙන් එම ආයතනයේ කළමනාකරු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය පැවසුවේ.
යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළා ගොස් තිබෙනවා.
සිද්ධිය සම්බන්ධව අම්බලන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.










