අන්තර්ජාලය හරහා යූ ටියුබ් සමාජ මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කර බෙදාහරින ලද වැඩසටහනකින් තමන්ට සෘජුවම අපහාසයක් වී ඇති බැවින් ඒ සඳහා වෙන් වෙන් වශයෙන් රුපියල් මිලියන 500ක වන්දි මුදලක් ඉල්ලා පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමි සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සුදත්ත තිලකසිරි සහ පූජ්‍ය රාජාංගනයේ සද්ධාරතන හිමියන්ට එරෙහිව එන්තරවාසි ඉදිරිපත් කර තිබෙනවා.
එහි සඳහන්ව ඇත්තේ මෙම එන්තරවාසිය ලැබී දින 14ක් ඇතුළත අදාළ මුදල ගෙවා නිම කිරීමට අපොහාසත් වුවහොත් එම මුදල ගෙවා නිම කරන තෙක් එකී මුදල මත වන නෛතික පොලියත් නඩු ගාස්තුත් අයකර ගැනීම සඳහා නඩු පවරන බවයි.
අංක 02, බෙල්ලන්තර පාර, දෙහිවල ලිපිනයෙහි වැඩවසන පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හෙවත් සිරි සමන්තභද්‍ර හිමියන්ගේ උපදෙස් පරිදි නිතීඥ ටෙනීෂා විදානපතිරණ මගින් ඉකුත් දෙසැම්බර් මස 18 වැනිදා සහ 24 වැනිදා යන දිනයන්වලින් ඉදිරිපත් කර ඇති මෙම එන්තරවාසි දෙක අංක 1102, ටවර් බී, රෝයල් පාක් කොන්ඩොමීනියම්, ලේක් ඩ්‍රයිව්, රාජගිරිය ලිපිනයෙහි සුදත්ත තිලකසිරි සහ දෙව්රම් වෙහෙර, ශ්‍රාවස්තිපුර, අනුරාධපුරය ලිපිනැති පූජ්‍ය රාජංගනයේ සද්ධාරතන හිමියන් වෙතයි යොමු කර ඇත්තේ.
ඉකුත් දෙසැම්බර් මස 07 හෝ ඊට ආසන්න දිනයකදී ඉහත සඳහන් දෙදෙනා තම සේවාදායක ස්වාමින්වහන්සේ කෙරෙහි ද්වේෂසහගත ප්‍රකාශ ප්‍රසිද්ධ කරන ලද වැඩසටහන් ප්‍රචාරය කර ඇති බවට නිතීඥවරිය සිය එන්තරවාසියෙන් දක්වා තිබුණා.
එමෙන්ම මෙලෙස සමාජ මාධ්‍ය ඔස්සේ බෙදා හැර ඇති අදාළ ප්‍රකාශයේ සිය සේවාදායක හිමියන්ට එරෙහිව නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය මගින් ලබා දී තිබූ තීන්දුවක් නිර්දය ලෙස විවේචනය කර ඇති බවත්, ඒ අනුව 2024 අංක 8 දරණ අධිකරණයට අපහාස කිරීමේ නීතිය යටතේ අධිකරණයට අපහාස කිරීමේ වරද මත ඔවුන්ට එරෙහිව ඉදිරි පියවර ගන්නා බවයි එම එන්තරවාසියේ දැක්වෙන්නේ.
එම වැඩසටහනේ ඇති කරුණු සමස්තයක් ලෙස සහ වෙන්වෙන්වද මුළුමනින්ම අසත්‍ය සහ ද්වේෂ්සහගත වන බවත්, මාගේ සේවාදායක විසින් දශක කිහිපයත් තිස්සේ බෞද්ධ භික්ෂුවක් ලෙසද, විචිත්‍ර ධර්ම කථිකයකු ලෙසද, ග්රන්ථ කතුවරයෙකු ලෙසද, සමාජ සේවකයකු ලෙස සහ සමාජයට ආදර්ශයක් ගෙනදෙන මාර්ගෝපදේශකයකු ලෙස උපයාගෙන තිබූ හොඳනම, කීර්තිය සහ ගෞරවය විනාශ කිරීමේ ද්වේශසහගත චේතනාවෙන් ඍජු ලෙස හෝ වක්‍ර ලෙස මාගේ සේවාදායක ස්වාමීන්වහන්සේ කෙරෙහි අපහාසාත්මක ප්‍රකාශ කළ බවත් මාගේ සේවාදායක මා වෙත උපදෙස් ලබා දී ඇතැයි යනුවෙන් නිතීඥවරිය සිය එන්තරවාසිය මගින් වැඩිදුරටත් දක්වා තිබෙනවා.











