දේශීය

විදේශ අමාත්‍ය විජිත බංග්ලාදේශය බලා පිටත්ව යයි

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අද (31) පෙරවරුවේ ඩකා නුවර බලා දිවයිනෙන් පිටව ගොස් තිබෙනවා.

ඒ බංග්ලාදේශයේ හිටපු අගමැති බේගම් ඛලීඩා සියාගේ අවමංගල්‍යය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වීම සඳහායි.

ඒ අනුව අද උදෑසන බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් ශ්‍රී ලංකා ගුවන් සමාගමට අයත් UL 189 ගුවන් යානයෙනුයි අමාත්‍යවරයා පිටව ගියේ.

බංග්ලාදේශයේ හිටපු අගමැති බේගම් ඛලීඩා සියාගේ අවමංගල්‍යය උත්සවය පැවැත්වෙන්නේ අද පස්වරුවෙයි.

බංග්ලා­දේ­ශයේ පළමු කාන්තා අග­මැ­ති­නිය සහ ලොව දෙවැනි මුස්ලිම් රාජ්‍ය නායි­කාව ලෙස ඉති­හා­ස­යට එක්වූ 80 හැවි­රිදි කලීඩා සියා ඊයේ උදෑ­සන මෙලො­වින් සමු­ග­ත්තා.

ඇගේ මර­ණය සිදු­වූයේ වසර 17ක් රටින් ඈත්වී සිටි ඇගේ වැඩි­මල් පුත්‍රයා තරික් රහ්මාන් නැවත බංග්ලා­දේ­ශ­යට පැමි­ණී­මෙන් දින කිහි­ප­ය­කට පසු­වයි.

සිය මවගේ රෝගී තත්ත්වය සොයා බැලී­මට සහ ඉදිරි මැති­ව­ර­ණ­යට තරග කිරී­මට නැවත මව්බි­මට පැමිණි තරික්ට සියලු සහාය ලබා­දී­මට පිය­වර ගත් අන්ත­ර්වාර රජය, කලි­ඩාගේ අව­මංගල කට­යුතු පූර්ණ රාජ්‍ය ගෞරව සහි­තවයි අද සිදු කිරී­මට නිය­මිතව ඇත්තේ.

 
Shares: