පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පසුගිය වසර තුළ සිදුකළ වැටලීම්වලින් රුපියල් මිලියන 285කට වැඩි දඩ මුදලක් අය කරගෙන තිබෙනවා.
2025 වසරේ දිවයින පුරා සිදුකළ වැටලීම් 21,000ක ප්‍රමාණයක් සඳහා නඩු පවරා මෙම දඩ මුදල් අය කරගෙන ඇති බවයි පැවසෙන්නේ.
භාණ්ඩවල නියමිත ප්‍රමිතීන් සහතික කිරීම සඳහා ආහාර සහ ආහාර නොවන නිෂ්පාදන සාම්පල 223ක් පරීක්ෂා කිරීමට අධිකාරිය කටයුතු කර තිබෙනවා.
වානේ කම්බි, පොල්තෙල්, රූපලාවණ්‍ය ද්‍රව්‍ය, සහල්, ටින් මාළු, මිරිස් කුඩු, දියර කිරි, හිසකෙස් වර්ණක, කෝඩියල් සහ සිරප් වර්ග ඒ අතර වන බව එම අධිකාරිය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
එමෙන්ම 1977 පාරිභෝගික පැමිණිලි සේවා අංකය සඳහා පසුගිය වසර තුළ පැමිණිලි 5002ක් ලැබී ඇති බවයි එම අධිකාරිය සඳහන් කළේ.
ඉන් සියයට 79කට ආසන්න ප්‍රමානයක් විසදා ඇති බවද පෙන්වා දෙනවා.











