ඕස්ට්‍රේලියානු ක්‍රීඩක උස්මන් කවාජා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා.
මතභේදාත්මක කරුණු රැසක් අනාවරණය කරමින් සිඩ්නිහිදී අනිද්දා (4) ආරම්භවන ‘අළු බඳුන’ තරගාවලියේ 5 වන හා අවසන් තරගයෙන් පසු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙන බවයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ.
ඔහු සිය සමුගැනීම නිවේදනය නිකුත් කළේ සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ඔහුගේ බිරිඳ, දියණියන් දෙදෙනා සහ දෙමාපියන් සහභාගී වූ හැඟීම්බර මිනිත්තු 50ක ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින්.
එහිදී ඔහු පවසා ඇත්තේ, සිය වෘත්තීය ජීවිතය පුරාම අනෙකුත් ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින්ට වඩා තමාට වෙනස් ලෙස සැලකූ බවයි.
ඒ ගැන කලකිරීමට හා වේදනාවට පත් වූ බව උස්මාන් කවාජා පවසා තිබෙනවා.
රිකී පොන්ටිංගේ සමුගැනීමෙන් පසු ඕස්ට්‍රේලියානු කණ්ඩායමට කැඳවීමක් ලැබූ කවාජා, 2011 වසරේ දී සිය මංගල ටෙස්ට් තරගය ක්‍රීඩාකළ සිඩ්නි ක්‍රීඩාංගණයේ දීම සිය අවසන් තරගය ක්‍රීඩාකිරීම සුවිශේෂීයි.
පාකිස්තානයේ උපත ලැබූවෙකු වන කවාජා, ඔස්ට්‍රේලියානු ක්‍රිකට් වෙනුවෙන් ක්‍රීඩා කළ පළමු මුස්ලිම් ජාතිකයා වනවා.
“මම පාකිස්තානයෙන් ආපු ආඩම්බර මුස්ලිම් කොල්ලෙක්. මම ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමට කවදාවත් ක්‍රීඩා කරන්නේ නැහැ සමහර අය කිව්වා. දැන් මාව බලන්න” යනුවෙනුයි එහිදී කවාජා ප්‍රකාශ කර ඇත්තේ.
“මට හැම විටම ටිකක් වෙනස් බවක් දැනුණා, මේ වෙනකම් පවා. මම සුදු නොවන ක්‍රීඩකයෙක්. මගේ මතය අනුව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම තමයි හොඳම කණ්ඩායම. ඒක අපේ ආඩම්බරය සහ ප්‍රීතියයි.
නමුත් මට ගොඩක් තැන්වලදී වෙනස් බවක් දැනුණා, මට සැලකූ ආකාරය වෙනස්. ඒ දේවල් සිදු වූ ආකාරය අනුව වෙනස්.”
මට කොන්දේ කැක්කුමක් තිබුණා, ඒක මට පාලනය කරගන්න බැරි දෙයක්. නමුත් මාධ්‍ය සහ හිටපු ක්‍රීඩකයින් මාව විචේචනය කළා.
එයා කණ්ඩායමට කැපවෙලා නැහැ, එයා තමන් ගැන විතරයි. එයා ආත්මාර්ථකාමීයි, එයා පුහුණුවීම් කරන්නේ නෑ. එයා කම්මැලියි වගේ දේවල් කිව්වා…ඒවා හරිම පෞද්ගලිකයි.
මම හිතුවේ මාධ්‍ය, පැරණි ක්‍රීඩකයින් සහ අනෙක් සියල්ලන්ම ඒවා අමතක කරලා කියලා. නමුත් පැහැදිලිවම ඒවා අමතකර කරලා නෑ. ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ කිසිවෙකුට එසේ සලකනවා මට දැනිලා නෑ.
මට හිතුනා මට මේක මතු කරන්න ඕනේ කියලා. මට මේ ගැන කතා කරන්න ඕන වුණේ නැහැ, නමුත් මට ඕන ඊළඟ උස්මාන් කවාජාගේ ගමන වෙනස් වෙන්න.
මට ඕන සැමට එක වගේ සලකන්න. එයාලා කවුද කියලා වාර්ගික ඒකාකෘති තියාගන්න එපා. මම ක්‍රීඩා කරන මගේ අනෙකුත් හොඳ ක්‍රිකට් ක්‍රීඩකයන්ට සලකන විදිහටම අනෙක් අයටත් සලකන්න”.
යනුවෙනුයි පැවසුවේ.
මේ වනවිට 39 හැවිරිදි වියේ පසුවන ඔහු ටෙස්ට් තරග 87(ඉනිම් 157)කදී රැස්කර ගත් ලකුණු සංඛ්‍යාව 6,206ක්.
එමනේම 43.39ක පිතිකරණ සාමාන්‍යයක් ඇති ඔහු ශතක 16ක් හා අර්ධ ශතක 28කට ද හිමිකම් කියයි.











