2026 අධ්‍යයන වර්ෂයේ පළමු වාරයේ පළමු අදියර සඳහා සියලුම පාසල් අද (05) දිනයේ සිට ආරම්භ වනවා.
ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සහ පිරිවෙන් අද දිනයේ සිට අධ්‍යයන කටයුතු සඳහා ආරම්භ කරන බවයි.
2026 අධ්‍යයන වර්ෂයේ පළමු වාරය පසුගිය දෙසැම්බර් මස 9 වනදා නිකුත් කරනු ලැබු චක්‍රලේඛය පරිදි ක්‍රියාත්මක වන බව සඳහන්.
සිංහල හා දෙමළ පාසල් සඳහා 2025 අධ්‍යයන වර්ෂය පසුගිය දෙසැම්බර් මස 22 වනදා සහ මුස්ලිම් පාසල් සඳහා දෙසැම්බර් මස 26 වනදා අවසන් කිරීමටයි අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබුණේ.










