උණුසුම් පුවත්

ජොන්ස්ටන් අද FCIDයට නාවොත් වරෙන්තු ලබා ගන්නවා – පොලිසිය

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද (5) දිනය තුළ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) හමුවේ පෙනී සිටින ලෙසත්, නොපැමිණියහොත් අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණ වරෙන්තුවක් ලබාගන්නා බවත් පොලීසියෙන් දැනුම්දීමක් කර තිබෙනවා.

සතොසට අයත් ලොරි රථයක් අවභාවිත කරමින් රජයට මූල්‍ය පාඩුවක් සිදුකළ බව කියන සිද්ධියට අදාළවයි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගැනීම සඳහා මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇත්තේ.

මේ අතර ඒ මහතා සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ සතොස ආයතනයේ ප්‍රවාහන කළමනාකරු ලෙස සේවය කළ ඉන්දික රත්නමලල මහතා ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔහු වත්තල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු නියෝග කළේ එළැඹෙන 9වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි.

සතොස ආයතනයේ ලොරි රථයක් හිටපු ඇමතිවරයාට අයත් බව කියන එතනෝල් සමාගමක රාජකාරි සඳහා යෙදවීමට ඔහුගේ පුත් ජොහාන් ප්‍රනාන්දුට කූඨ ලේඛන සකස්කර දුන් බවට එල්ලවූ චෝදනාව මතයි ඔහු එළෙස රක්ෂිත බන්ධනාගාරගත කළේ.

Shares: