අපරාධ කල්ලි සාමාජිකයකු බව කියන ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ ප්රධාන සැකකාරියක වන ඉෂාරා සෙව්වන්දි නැමැත්තියට ආධාර අනුබලදීම සහ නවාතැන් පහසුකම් සැපයීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ සිටි නන්ද කුමාර් තක්ෂි සහ තවත් සැකකරුවෙකු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්රාත් අධිකරණය නියම කළා.
ඒ ජනවාරි මස 09 වනදා දක්වායි.
දින 90ක රැඳවුම් නියෝග මත රඳවා සිටි මෙම සැකකරුවන් දෙදෙනා අද (07) කොළඹ අපරාධ කොට්ඨාශය විසින් කොළඹ ප්රධාන මහෙස්ත්රාත් අසංග එස් බෝදරගම මහතා හමුවට පමුණුවනු ලැබුවා.
ඉන් අනතුරුව සැකකරුවන් ජනවාරි මස නව වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි මහෙස්ත්රාත්වරයා නියම කළේ.











