දේශීය

”මගේ කන් බෙරය අඹරනවා දැනෙන්න ගත්තා – මම පුළුවන් තරම් කෑ ගැහුවා” රංගන ශිල්පිනී සුලෝචනා

අපේ රටේ බොහෝ දෙනා අතර ජනප්‍රිය, ඒ වගේම සිනමාපටවලත්, ටෙලිනාට්‍යවලත්, මෙන්ම වේදිකා නාට්‍යවලත් අති දක්ෂ ලෙස රංගනයේ යෙදෙන රංගන ශිල්පිනියක් තමයි සුලෝචනා වීරසිංහ කියන්නේ.

ඉතින්, ඇයට හදිසියේම මුහුණදෙන්න වුණු සිදුවීමක් ගැන වූ අත්දැකීමක් ඇගේ මුහුණු පොතට සටහන් කරලා තිබුණේ අපිත් පුදුමයට පත් කරමින්.

අපි හැමෝටම හිසේ කැක්කුමක් ගාණට කණේ වේදනාවක් පැවතියත් ඒ ගැන වැඩිය හිතන්නේ නෑ නේද? ගණන් ගන්නේ නෑ නේද?

නමුත් ඇය කියන මේ කතාව අහන්නකෝ… ඇත්තටම විශ්වාස කරන්නත් අමාරුයි ඒ සිදුවීම.

ඒත් සමගම ඇය කියන මේ කතාවෙන් අපට ලොකු පණිවිඩයක් ලබාදෙනවා.

ඒ මෙවැනි වේදනා කිසිම විටක සුළුවට නම් හිතන්න එපා කියන කාරණය.

ඇයගේ කණ තුළ අතිවූ දරාගත නොහැකි වේදනාව වෛද්‍යවරයකු මුණ ගැසීම දිනෙන් දින ප්‍රමාද වීමෙන් හෝ කෙසේ හෝ සමනයට පත්වේවි කියලා හිතලා ඇය අපහසුතා මධ්‍යයේ ඇයගේ වැඩකටයුතු කරගෙන ගිහින්.

ඒත් එක් රාත්‍රියක මේ වේදනාව දරාගන්න බැරිව රෝහල්ගතවුණු පසුවයි දින ගනණක් පුරා ඇය පීඩාවට පත් කරමින් වේදනාවට පත්කළ හේතුව දැනගන්නට ලැබෙන්නේ .

ඉතින්, ඇහුවමත් බය හිතෙන සුලෝචනා මුහුණ දුන් ඒ සිදුවීම ගැන ඇය මුහුණුපොතට එක්කරලා තිබුණේ මෙහෙම,

මම ලියන අනිත් දේවල් කියෙව්වෙ නැති උනාට කමක් නෑ මේක කියවපල්ලා….
අලුත් අවුරුද්දේ පටන් ගත්ත නිර්මාණ දෙක තුනක් ගැන කතා කරන්න තියද්දි මම ඉස්සරෝම මේක ලියනවා..

🛑 මේක මගේ නොසැලකිල්ල පිළිබඳ කතාවක්..
🛑 මානසික වේදනාවල් දරාගත්තා වගේ physical වේදනාවන් අල්ලාගෙන ටික දවසක් ඉන්න පුළුවන් කියලා හිතන මම පොර මානසිකත්වය පිළිබද කතාවක්..
🛑මොන ශාරීරික අපහසුකම් තිබුණත් ඒවා තියාගෙන භාරගත්ත වැඩවලට වෙලාවට යන්න තියෙන උණ පිළිබද කතාවක්..

🛑තව ඉතින් කතා ගොඩකට දාලා මේ list එක දික් කරන්න ඕන නෑ නේ..
දවස දෙසැම්බර් 28 – රෑ කනේ හිනියට රිදුමක් ආවා..26 ,27 රෑ කොළඹින් පිට හිටියේ..28 රෑ 12 පහුවෙලා කොළබට එනකම් AC වාහනයක ආව නිසාත් දවස් තුනම පාන්දර වෙනකම් නොනිදා සිටි නිසාත් සෙමට ආව වේදනාවක් කියලා හිතුවා..

29 උදේ වගේ මතකයි කන නිකන් හුලං පාරක් වදිද් ද කුරු කුරු ගානවා වගේ එකක්..මට සතෙක් ගිහින් වගේද කියලත් හිතුනා කලින් රෑ..මම නෑදෑ ඩොකා අයියෙක්ගෙන් ඇහුවා.එයා කිව්වා රෑ දැනිලා ඔයා වතුරත් දාලා බැලුවා නම් ඌ මැරෙනවා කියලා.ඒත් අමාරුයි වගේ නම් ENT SURGEON කෙනෙක්ට පෙන්නන එක තමයි වඩා හොඳ කියලා. ඒත් ඉතිං ලොකුවට වේදනාවක් තිබුනේ නැති නිසා ටිකක් බලන්නම් කියලා හිටිය..
ඔහොම තිස්වෙනිදත් පහු උනා..කන රිදුම ටිකක් වැඩියෙන් දැනුනා.. මාස දෙකකට කලින් ඕස්ට්‍රේලියාවේ ගිය වෙලාවෙත් කන පොඩ්ඩක් සෙමට සීතලට infect උනා .ඒ වගේ එකක් කියලා හිතලා ඔහේ බලන් හිටිය තව ටිකක් අල්ලන් ඉන්නම් කියලා..
31 ගෙවල් කිට්ටුව ඉන්න general physician හම්බෙන්න බලද්දි වෙලාව පැනලා.. පහුවදා බලන්නම් කියලා හිටියා.. පළවෙනිදා උදේ මම කෝල් කරලා යද්දි ටිකක් කලින් ඩොක්ටර් ගිහිල්ලා.. ඒ ගමන්ම මගේ හොඳම මිතුරියගේ ගෙදර ලන්ච් වලට ගියා.. එන ගමන් ඩොක්ටර් බලන්න ගියා ..හවස වහලා.. ගෙදර ඇවිත් පැනඩෝල් දෙකක් බීලා නිදාගත්තා. හැබැයි කනේ වේදනාව ටිකක් වැඩි වෙලා තිබුනේ…. පහුවෙනිදා අලුත් drama එකක first script reading දාගෙන තිබුණා.. ඒකෙන් කෝල් කරලා උදේ නමය වෙද්දි එනවා නේද කියලා ඇහුවා.. මම කිව්වා මෙහෙම අපහසුතාවයක ඉන්නවා උදේ බෙහෙත් අරගෙනම එන්නද කියලා.. කොහොම හරි උදේ ගෙවල් ළඟ ඩොක්ටර්ට කන පෙන්නුවා පොඩි නෝක්කාඩුවකුත් දාන ගමන් අපිව රස්තියාදු කරල කලින් ගෙවල් වලට ගියාට.. මගේ විස්තර අහලා කනට ටෝච් එක දාලා බලලා සෙමට කන ඉදිමිලා වගේ එකක් තමයි එයාගෙ තීරණය වුණේ.. බෙහෙත් දුන්නා.. මම හිතුවා වේල් තුනක් ඒ බෙහෙත බීලා අඩු වුණේ නැත්තං ආයෙ බලන්නම් කියලා..

හවස තව අලුත් ටෙලිනාට්‍යයෙක් පටන් ගන්න එකක පොඩි මීටිමක් තිබුණා.. හැබැයි ඒ වෙද්දි වේදනාව දැනෙමින් තිබුන හොඳටම.. මගේ යාලුවෙක් මට හේමාස් එකේ ENT කෙනෙක් ඒ වෙලාවේ ඉන්නවද කියලා channelingඑකක් දාන්න බැලුවා.. මොකද මගේ මීටින් එක තිබුණෙත් තලවතුගොඩ. මං එතකොට හේමාස් එක කිට්ටුව හිටියේ. මගේ කරුමේ කියන්නේ මම යන්න වාහනේ හරවද්දිම යාළුවා කෝල් කරලා කිව්වා ඩොක්ට ගිහින් කියලා.. ඉතින් මං අතන වැඩේට ගියා.. ඒත් මං 9 වෙන්න කලින් එතනින් පිටත් වුනා.. කන රිදෙමින් තිබුන හින්දා.. රෑට බෙහෙත් ටික බීලා දහ හමාර වගේ වෙද්දි මම නිදාගන්න ගියා..

පොඩිවට නින්ද ගියා.. ඒත් දොළහේ විතර ඉඳන් කන පුපුරන්න තරං වේදනාකාවක් එන්න ගත්තා… හත්තට පාරක් ආවා.. තද කරගෙන හිටියා. ඒක ඇත්තටම වචන වලින් විස්තර කරන්න පුළුවන් වේදනාවක් නෙවෙයි.. මගේ ජීවිත කාලය තුල මං අත්වින්ද බරපතලම භයානකම වේදනාව ඒක.. කන ඇතුලෙන් අල්ලගෙන කන ඇතුළෙ මගේ කන් බෙරය අඹරනවා වගේ මට දැනෙන්න ගත්තා. මුළු ඔළුවම පුපුරන්න වගේ.. පාන්දර එකහමාර වෙනකන් ඉවසන් හිටියා… කරන්නේ මොකක්ද කියලා හිතා ගන්න බැරුව හිටියේ.. මායි පුතායි විතරයි ගෙදර.. ද ඇඳුමක් දාගෙන දත් ටික මැදගෙන පුතාට කතා කරා. එයාවත් ලෑස්ති කර ගත්තා. එයා ළඟ ගෙදර තියන්න හැදුව.. එයා බෑ කිව්වා .මට ඒ වෙලාවේ තරහත් ගියා. මන් වේදනාවෙන් ඔළුව අල්ලගෙන කෑගහද්දි එයාගේ ඇස්වලින් කඳුළු පනින් න ගත්තා. එයා බය වුණා. ඒත් මට තරහක් කුත් ආවා.. මොකද මගේ ඒ දරුණු වේදනාව බල බල කිලෝමීටර් දහයක් තල වතු ගොඩට යන ගමනට එයා එන එකට මම කැමති නැති උණ නිසා..
මා කුඹුරදි කාර් එක නවත්තල ස්ටීයරින් වීල් එක අල්ලගෙන මම පුළුවන් තරම් කෑ ගැහුව .මට මගේ කන ගලවලා විසිකරන්න තරම් වේදනාවක් ආවා… පුතා අඬනවා මට පේනවා.. එතන ඉඳන් හේමාස් යනකම් මං ගියේ කෑ ගහ ගහ.

කොහොම හරි ඉමන්ජන්සි වෝර්ඩ් ගිහිල්ලා මං මගේ අමාරුව එතන ඒ වෙලාවේ හිටපු ඩොක්ටර් කිව්වා. ඒ වෙලාවෙත් මට ඒ වේදනාව ආවා .මම කන අල්ලගෙන කෑගැහුවා එයා කිව්වා බ්ලීඩ් වෙලා කියලා. කොහොමහරි මගේ වේදනාව සමනය කරන්න එයා එයාට කරන්න පුළුවන් විදියට උපරිමයෙන්ම පේන් එක manage කරගන්න මට තුන් විදිහකට වේදනානාශක දුන්නා.. උදේ ට. ENT SURGEON කෙනෙක්ට පෙන්නගන්නකම් වේදනාව නවත්තලා තියාගන්න එයා කරපු දෙයින් පුළුවන් උනා… ENT surgeon guide කලෙත් එයාමයි..Thank you doctor Kavidu Nirangana..

ඉතින් උදේ අපොයින්මන්ට් දාලා doctor hospital එකට එනකන් (ENT surgeon Dr. Chandra Jayasuriya)අලුතෙන් කරන්න යන ෆිල්ම් එකේ script reading එකට ගිහිල්ලා විනාඩි 30ක් විතර එතන ඉඳලා Hospital ගියා. ඊට පස්සේ වෙච්ච දේ තමයි මේ ෆොටෝස් වල වීඩියෝස් වල තියෙන්නේ… ඒක කරගෙන ආයෙමත් script රීඩින් එකට ආවා….
Moda Tharindu – මෝඩ තරිඳු ෆිල්ම් එකේ රඟපාපු සමහර අය හරි මෝඩයි නේ…

Shares: