තරග 3කින් සමන්විත ශ්‍රී ලංකා – පාකිස්තාන විස්සයි20 තරගාවලිය දඹුල්ලේදී අද ආරම්භ වනවා.
මෙම තරගාවලියේ දසුන් ශානක ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දෙන අතර, පාකිස්ථාන කණ්ඩායම මෙහෙයවන්නේ සල්මාන් අගා විසිනුයි.
එහි පළමු තරගය අද රාත්‍රී 7ට ආරම්භ වීමට නියමිතව ඇත්තේ.
ශ්‍රී ලංකා – පාකිස්තාන විස්සයි20 තරගාවලියට තරග 3ක් ඇතුළත් අතර සියලු තරග රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදි පැවැත්වෙනවා.
එම තරගාවලියේ ශුරයින්ට පිරිනැමෙන කුසලානය දඹුල්ල ක්‍රීඩාංගණයේදී දෙපිලේ නායකයින්ගේ ප්‍රධානත්වයෙන් එළිදැක්වුණේ ඊයේ දිනයි.
එමෙන්ම පාකිස්තාන විස්සයි20 කණ්ඩායමක් ශ්‍රී ලංකාවේදී විස්සයි20 තරගාවලියක් සඳහා මෙලෙස එක්වන්නේ වසර 11කට පසුව වීම විශේෂත්වයක්.
මෙම විස්සයි20 තරගාවලියට සඳහා දඟ පන්දුයවන ක්‍රීඩක ට්‍රැවින් මැතිව් පළමුවරට ශ්‍රී ලංකා විස්සයි20 සංචිතයට කැඳවා ඇති අතර චරිත් අසලංක, ධනංජය ද සිල්වා සහ දුනිත් වෙල්ලාලගේද යළි විස්සයි20 සචිතයට කැඳවා තිබෙනවා.
ශ්‍රී ලංකාව හා සංචාරක පාකිස්තානය අතර පැවැත්වෙන මෙම විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ සම්පූර්ණ ආදායම ද ‘Rebuilding Sri Lanka අරමුදලට ලබාදීමටයි ශ්‍රී ලංකා ක්‍රිකට් තීරණය කර ඇත්තේ.











