දේශීය

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන්ට පහරදුන් පිරිසක් අත්අඩංගුවට

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් පිරිසකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් සිව් දෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.

සැකකරුවන් අවුරුදු 30 සහ 31 වයස් කාණ්ඩවල පසුවන අස්ගිරිය, ගොතටුව සහ මහනුවර ප්‍රදේශවල පදිංචිකරුවන් බව සඳහන් .

ඉන් සැකකරුවන් තිදෙනෙකු කිරිබත්කුඹුර ප්‍රදේශයේදී ඊයේ (15) දින අත්අඩංගුවට ගෙන ඇති අතර සෙසු පුද්ගලයා අද (16) පේරාදෙණිය පොලිස් ස්ථානය වෙත ඉදිරිපත්වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පහරකෑමට ලක් වූ සිසුන් වැලිහිරිය ප්‍රදේශයේ පිහිටි ඔයක දිය නෑමට ගොස් ඇති අතර එම ස්ථානයේ මත්පැන් පානය කරමින් සිටි පිරිසක් සමඟ ඇති වූ ආරවුලකදී මෙම පහරදීම සිදුව ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

පහරකෑමට ලක්වූ සිසුන් සිව් දෙනෙකු මේ වනවිට පේරාදෙණිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා.

සැකකරුවන් අද (16) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

Shares: