දේශීය

කෝටි 28කට අධික මුදල් සමග අයෙක් අත්අඩංගුවට

නීතිවිරෝධි ලෙස උපයාගෙන ඇති බවට සැක කරන රුපියල් 283,300,000 මුදලක් හා වාහන දෙකක් සමඟ සැකකරුවෙකු මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නීතිවිරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් ඊයේ (19) සිදු කළ විශේෂ වැටලීමක දීයි මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකරු වයස අවුරුදු 40ක් වන ඉබ්බාගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ විදෙස්ගතව සැඟව සිටින බවට සැක කරන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සමඟ මෙම සැකකරු දුරකථන මඟින් සම්බන්ධතා පවත්වමින්, එම ජාවාරම්කරුගේ උපදෙස් අනුව මෙරට සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් මෙම මුදල් එකතු කර ඇති බවටයි.

එමෙන්ම අදාළ වාහන මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගන්නා ලද මුදලින් මිල දී ගෙන ඇති බවට ද දැනට සිදු කරන ලද විමර්ශනවලදී හෙළි වී තිබෙනවා.

සැකකරු අද කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර නීතිවිරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Shares: