ලොව විශාලතම නිදහස් වෙළඳ ගිවිසුම වන කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරිත්වයට (RCEP) සම්බන්ධ වීමට ශ්‍රී ලංකාව දරණ අඛණ්ඩ උත්සාහයන්ට සහාය දැක්වීමට සහ මෙරට ආහාර සුරක්ෂිතතාව ශක්තිමත් කිරීම සඳහා සහයෝගය ලබා දීමට ඕස්ට්‍රේලියාව සිය කැපවීම නැවත තහවුරු කර තිබෙනවා.
ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් මැතිව් ඩක්වර්ත් (Matthew Duckworth) සහ වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අතර පැවති සාකච්ඡාවකදීයි මේ පිළිබඳව සාකච්ඡා කළේ.
මෙම හමුව අතරතුර මහ කොමසාරිස් ඩක්වර්ත් ප්‍රකාශ කළේ ජාතික වශයෙන් ඉතා වැදගත් ප්‍රමුඛතාවයක් ඇති ක්ෂේත්‍රයක් වන ජාතියේ ආහාර සුරක්ෂිතතා පද්ධති වැඩිදියුණු කිරීම සඳහා ශ්‍රී ලංකාව සමඟ සමීපව කටයුතු කිරීමට ඕස්ට්‍රේලියාව කැමැත්තෙන් සිටින බවයි.
ඊට අමතරව, ශ්‍රී ලංකාව RCEP ගිවිසුමට ඇතුළත් වීමේ ක්‍රියාවලියට ඕස්ට්‍රේලියාව සිය සහයෝගය ලබා දුන් අතර, එය දිවයිනේ ගැඹුරු කලාපීය ආර්ථික ඒකාබද්ධතාවයක් සඳහා වන උත්සාහයේ සැලකිය යුතු වර්ධනයක්.
ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, දකුණු කොරියාව, චීනය සහ ජපානය ඇතුළු ආසියා-පැසිෆික් රටවල් 15 කින් සමන්විත RCEP ගිවිසුම ගෝලීය දළ දේශීය නිෂ්පාදිතයෙන් 30% ක් සහ ලෝක ජනගහනයෙන් 30% ක් ආවරණය කරන අතර එය ලොව විශාලතම වෙළඳ සමූහයයි.
මෑතකදී ශ්‍රී ලංකාවට බලපෑ දිට්වා සුළි කුණාටුව නිසා ඇති වූ ආපදා තත්ත්වය පිළිබඳව ද මෙම රැස්වීමේදී සාකච්ඡා කෙරුණු අතර, ආපදා ප්‍රතිචාර සහ ප්‍රතිසාධන කටයුතු පිළිබඳව නිලධාරීන් අදහස් හුවමාරු කර ගත්තා.










