විදෙස්

කැතරින් ‘2026 වසරේ ඕස්ට්‍රේලියානුවා’ ලෙස නම් කෙරේ

අභ්‍යවකාශ ඉංජිනේරුවරියක් සහ ගගනගාමියෙකු වන කැතරින් බෙනෙල්-පෙග් (Katherine Bennell-Pegg) 2026 වසරේ ඕස්ට්‍රේලියානුවා ලෙස නම් කර තිබෙනවා.

ඇය ඇඩිලේඩ්හි පදිංචිකාරියක්.

පෙග් මහත්මිය යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සියේ ගගනගාමී වැඩසටහනකින් උපාධිය ලබා ගෙන ඇත්තේ පසුගිය වසරේදීයි.

ඉන්පසුව ඇය “ඕස්ට්‍රේලියානු ධජය යටතේ ගගනගාමියෙකු” ලෙස සුදුසුකම් ලැබූ පළමු පුද්ගලයා බවට පත්වුණා.

මාස 12ක ඉතා තරඟකාරී වූ මෙම වැඩසටහනට රුසියානු භාෂාව ඉගෙනීම, අභ්‍යවකාශ ඇවිදීම පුහුණු වීම සඳහා scuba ආම්පන්නවල දිගු වේලාවක් සහ ඔක්සිජන් අඩු පීඩන කුටිවල ගත කරන කාලය ඇතුළත්.

එතැන් සිට ඇය ඕස්ට්‍රේලියානු අභ්‍යවකාශ ඒජන්සියේ අභ්‍යවකාශ තාක්ෂණ අධ්‍යක්ෂවරිය ලෙසයි සිය රැකියාවට නැවත පැමිණ ඇත්තේ.

එහිදී එම සුදුසුකම් මත ඇයට ඕස්ට්‍රේලියානු මෙහෙයුමක කොටසක් ලෙස අභ්‍යවකාශයට යවන ලද පළමු පුද්ගලයා බවට පත්වීමට හැකිව තිබෙනවා.

එමෙන්ම බෙනෙල්-පෙග් මහත්මිය පාසල් දරුවන් සමඟ අභ්‍යවකාශය පිළිබඳව කතා කිරීමට ද කාලය ගත කරන බවයි එරට මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

එසේම ඇය මෙම සම්මානය පිළිගන්නා අතරතුර පවසා ඇත්තේ,

“ළමයෙක් විදිහට මම වියළි තණකොළ මත වැතිර තරු දෙස විස්මයෙන් බලා සිටියා,” “අහස දෙස බලා පුදුම වීමට, නවෝත්පාදනය කිරීමට සහ ගවේෂණය කිරීමට ඇති අත්‍යවශ්‍යතාවය මෙම මහාද්වීපයේ පුරාණ එකකි.” යනුවෙන්.

මේ අතර මෙහිදී බොන්ඩි වෙඩි තැබීමේ වින්දිතයින්ට බෙනෙල්-පෙග් මහත්මිය උපහාර දැක්වීමද විශේෂත්වයක්.

එහිදී

“බොන්ඩි ප්‍රහාරයේ වින්දිතයින් අපි සිහිපත් කරන අතර අඳුරුතම අවස්ථාවන්හිදී ධෛර්යය බැබළුණු අයට මම ගෞරව කරමි,” යනුවෙනුයි ඇය කියා සිටියේ.

Shares: