හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ බාල පුත් සමින්ද්‍ර රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙනවා.
ඔහු සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත්තේ මිග් ගුවන් යානා ගනුදෙනු නඩුවේ තුන්වන සැකකරු ලෙස නම් කිරීමෙන් පසුවයි.
සැකකාර සමින්ද්‍ර රාජපක්ෂ මහතා දැනට ඇමරිකා එක්සත් ජනපදයේයි රැඳී සිටින්නේ.










