ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවෙන් අනතුරුව ලංකා පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමය ආරම්භ කර තිබූ මාරාන්තික උපවාසය තාවකාලිකව අත්හැර දැමීමට තීරණය කර තිබෙනවා.
වසර 7ක සිට පාසල්වල ඉගැන්වීම් සිදුකරන තමන් කඩිනමින් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරන්නැයි ඉල්ලා ලංකා පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමය දින 9ක් පුරා උපවාසයේ නිරතවුණා.
මේ දින කිහිපය පුරා මාරාන්තික උපවාසයට එක් වූ පුද්ගලයින් 7දෙනාගෙන් 6දෙනෙකුගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත්වීම හේතුවෙන් ඔවුන් අවස්ථා කිහිපයකදී රෝහල්ගත කිරීමට පියවර ගැනුණා .











