රුපියල් හාර කෝටි හැට හතර ලක්ෂ විසි දහසක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන විත් එම මත්ද්‍රව්‍ය කටුනායක ගුවන් තොටුපළින් පිටකර යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (06) උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු විසින් මෙම මත්ද්‍රව්‍ය තොගය තායිලන්තයේ බැංකොක් නුවරින් මිලදී ගෙන අබුඩාබි නුවර දක්වා රැගෙන විත් එතැන් සිටයි කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් ඇත්තේ.
ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ලෙහි මෙම කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 04 ග්‍රෑම් 642ක ප්‍රමාණයක් තිබී ඇති අතර එය පැකට් 4ක් ලෙස සකස් කර ගමන් මල්ලෙහි සඟවා තිබෙනවා.
සැකකරු කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි අයෙකු වන අතර නිතර නිතර ගුවන් ගමන්වල යෙදෙමින් ව්‍යාපාරික කටයුතුවල නිරත 28 හැවිරිදි අයෙක්.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඔහු අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර රඳවා ප්‍රශ්න කිරීමට නියමිතයි.











