දේශීය

අද (17) දින දේශපාලන වේදිකාවේ උණුසුම් අවස්ථාවක්!

පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් (අවලංගු කිරීමේ) පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය අද පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

පෙ.ව. 9.30ට කථානායක *ජගත් වික්‍රමරත්න* මහතාගේ ප්‍රධානත්වයෙන් සභාව රැස්වීමට නියමිතයි. පෙ.ව. 11.30 දක්වා ප්‍රශ්න හා පාර්ලිමේන්තු කටයුතු සඳහා කාලය වෙන් කර තිබෙනවා.

👉 අද සුවිශේෂී කරුණු:
▪️ පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳ දෙවන වර කියවීමේ විවාදය
▪️ මැතිවරණ නීති සමාලෝචනය සඳහා තේරීම් කාරක සභාවක් පත් කිරීමේ යෝජනාව

📅 ඉදිරි දිනවලත් උණුසුම් විවාද රැසක්,
▪️ (18) විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ රෙගුලාසි සහ මෝටර් රථ වාහන පනත යටතේ නියෝග
▪️ (19) අධිකරණ සංවිධාන (සංශෝධන) හා විෂ, අබිං සහ භයානක ඖෂධ (සංශෝධන) පනත්
▪️ (20) “බලශක්ති අංශයේ පවතින ගැටළු” යටතේ විපක්ෂ කල් තැබීමේ යෝජනාව

රටේ අනාගතයට බලපාන තීරණාත්මක සතියක්!
ඔබගේ අදහස කුමක්ද?

Shares: