විදෙස්

සඳට නැවත පියවරක් – ලෝක බලවතුන් අතර චන්ද්‍ර තරඟය උණුසුම් වෙයි

1972දී NASA විසින් ක්‍රියාත්මක කළ Apollo 17 මෙහෙයුම මිනිසුන් සඳ මතට පියවර තැබූ අවසන් අවස්ථාවයි ඉන් පසු වසර 50කට අධික කාලයක් ගතව ඇති අතර, දැන් නැවතත් සඳට යාම පිළිබඳ ගෝලීය තරඟය උණුසුම් වී තිබේ.

🚀 නාසා ආයතනය පවසන්නේ 2028 වන විට නැවත චන්ද්‍ර ගොඩබෑමක් සිදුකිරීමට බලාපොරොත්තු වන බවයි. ඒ සඳහා සැලසුම් කර ඇති Artemis III මෙහෙයුමට ගොඩබෑමේ කොන්ත්‍රාත්තුව හිමිව ඇත්තේ SpaceX සමාගමටය. එම මෙහෙයුම සඳහා භාවිතා කිරීමට නියමිත Starship රොකට්ටුවේ ප්‍රමාදයන් හේතුවෙන් නාසා නව, වේගවත් සැලසුම් සම්බන්ධයෙන් සමාගමෙන් විමසා තිබෙනවා.

ඒ අතරතුර, Blue Origin සමාගමද චන්ද්‍ර ගොඩබෑම සඳහා විකල්ප සැලසුම් ඉදිරිපත් කිරීමට කැඳවා තිබේ. තාක්ෂණික බිලියනපතියන් අතර තරඟය දැඩි වෙමින් පවතින අතර, එය ඇමරිකාවට සඳට නැවත පියවර තැබීමේ පීඩනය වැඩි කර ඇති බවටයි සඳහන් වන්නේ.

🌏 එමෙන්ම චීනයද 2030 වන විට සඳට ගොඩබෑම ඉලක්ක කරමින් සිටින අතර දැනට ස්ථාවර ප්‍රගතියක් ලබා සිටින බව වාර්තා වෙනවා. දෙරටම සඳෙහි දකුණු ධ්‍රැවය අරමුණු කරමින්, අනාගත චන්ද්‍ර කඳවුරු සඳහා සුදුසු ස්ථාන සොයා තරඟ කරන බවයි තවදුරටත් සඳහන් වන්නේ.

සඳ මත අනාගත මානව නේවාසිකත්වය පිළිබඳ නව පරිච්ඡේදයක් ආරම්භ වීමට මේ තරඟය හේතුවක් වන්නට පුළුවන්. 🌕✨

Shares: