2026 වසර සඳහා Tripadvisor විසින් නිකුත් කළ “Travelers’ Choice Awards – Best of the Best Beaches” ලැයිස්තුවේ, ශ්රී ලංකාවේ වෙරළ දෙකක් ආසියාවේ ඉහළම වෙරළ ගමනාන්ත දෙකක් බවය තේරී පත්ව ඇත.
මෙම ප්රශංසනීය ලැයිස්තුවේ,
Mirissa Beach – 5 වන ස්ථානය
Bentota Beach – 7 වන ස්ථානය
ලබාගෙන ශ්රී ලංකාවට ගෞරවයක් ලබාදී තිබෙනවා.
මිරිස්ස – හිරුබැසයාම දර්ශනය සහ සර්ෆින් රැළි.
දකුණු වෙරළ තීරයේ පිහිටි මිරිස්ස වෙරළ, සුදු වැලි තීර, පැහැදිලි නිල් ජලය සහ සොබාදහමේ ආකර්ෂණීය පසුබිමක් සමඟ විවේකය සහ විනෝදය එකට රැගෙන එයි.
Tripadvisor සඳහන් කරන්නේ, ගල් පර්වත අසල සාමකාමී ජලය තුළ ස්නානය කිරීමටත්, බටහිර පැත්තේ පිහිටි ප්රසිද්ධ “Mirissa Right” සර්ෆ් බ්රේක්හි රැළි අල්ලාගැනීමටත් මෙය සුදුසුම ස්ථානයක් බවයි.
එමෙන්ම, Coconut Tree Hill හි හිරුබැසීම් දර්ශන සහ වෙරළට ආසන්න මුහුදු ආහාර අවන්හල් මිරිස්සට විශේෂ ආකර්ෂණයක් එක්කරයි.
බෙන්තොට – ජල ක්රීඩා හා වෙරළ
දකුණු-පශ්චිම වෙරළ තීරයේ පිහිටි බෙන්තොට වෙරළ, ජෙට් ස්කී, කයිට් සර්ෆින් වැනි ජල ක්රීඩා සඳහා ප්රසිද්ධය. සුදු මෘදු වැලි, සොඳුරු හිරුබැසීම් සහ නිදහස් ඇවිදින හැකියාව නිසා, විවේකය සොයන සංචාරකයින්ට මෙය සුදුසු ගමනාන්තයකි.
Asia Top 10 Beaches – 2026
මෙවර ආසියාවේ ප්රථම ස්ථානය හිමිව ඇත්තේ Banana Beach වෙතය.
ඊට අමතරව ලැයිස්තුවේ ඇතුළත් වෙරළ අතර,
1. Banana Beach – තායිලන්තය
2. Kelingking Beach – ඉන්දුනීසියාව
3. Radhanagar Beach – ඉන්දියාව
4. Palolem Beach – ඉන්දියාව
5. Mirissa Beach – ශ්රී ලංකාව
6. White Beach – පිලිපීනය
7. Bentota Beach – ශ්රී ලංකාව
8. Railay Beach – තායිලන්තය
9. Nusa Dua Beach – ඉන්දුනීසියාව
10. Cenang Beach – මැලේසියාව
Tripadvisor සඳහන් කරන්නේ, ලොව පුරා ලැයිස්තුගත කර ඇති මිලියන 8කට අධික ගමනාන්ත අතරින්, 1%කටත් අඩු ප්රමාණයක් පමණක් “Best of the Best” ගෞරවය ලබන බවයි.
මෙය ශ්රී ලංකාවේ සංචාරක ක්ෂේත්රයට විශාල උත්තේජනයක් වන අතර, ලොව පුරා සංචාරකයින්ගේ අවධානය නැවතත් අප වෙරළ වෙත හැරවීමට හේතු වන සුභාරංචියකි.











