දේශීය

සෝමාවතිය – සුංගාවිල මාර්ගය තවදුරටත් වසාදමා ඇත

සෝමාවතිය වෙත යාමට භාවිතා කරන සෝමාවතිය–සුංගාවිල ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනය තවදුරටත් අත්හිටුවා තිබෙනවා.

මහවැලි ගග පිටාර ගැලීම හේතුවෙන් දිග්ගල ප්‍රදේශයේ සිට කිලෝමීටර් 35 – 37 අතර කොටස ජලයෙන් යටවී ඇති අතර, ජල මට්ටම අඩි දෙක හමාරක් පමණ වන බවටයි වාර්තා වන්නේ.

ආරක්ෂාව සැලකිල්ලට ගනිමින් පොලිසිය රියදුරන්ට උපදෙස් ලබාදී ඇත්තේ සෝමාවතිය පූජා භූමිය වෙත යාමේදී විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි.

වාහන ධාවනයේදී සැලකිලිමත් වන්න. නවතම තත්ත්වය පිළිබඳ යාවත්කාලීන තොරතුරු සඳහා අප සමඟ රැඳී සිටින්න.

Shares: