දේශීය

මොරොන්තුඩුවේ බස් දෙකක් මුහුණට මුහුණ ගැටේ – රියදුරෙකු ජීවිතක්ෂයට

අද (24) අලුයම මොරොන්තුඩුව මාර්ගයේ සිදුවූ පුද්ගලික බස් රථ දෙකක මුහුණට මුහුණ ගැටීමකින් එක් බස් රියදුරෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

වාද්දුව ප්‍රදේශයේ සිදුවූ මෙම අනතුරේදී බස් රථ දෙකම මගීන් රහිතව ධාවනය වෙමින් තිබූ බව වාර්තා වනවා. අනතුරින් තුවාල ලැබූ රියදුරන් දෙදෙනා පානදුර මූලික රෝහල වෙත ඇතුළත් කර තිබූ අතර, ඔවුන්ගෙන් එක් අයෙකුගේ තත්ත්වය බරපතලව තිබූ බවත් පසුව ඔහු මියගොස් ඇති බවත් සඳහන් වනවා.

පොලිසිය සැක පළ කරන්නේ වාහනයක් ඉස්සර කිරීමට යාමේදී මෙම ගැටීම සිදුව තිබෙන බවයි. අනතුර හේතුවෙන් පානදුර – මොරොන්තුඩුව මාර්ගයේ මාලෙගම ප්‍රදේශයේ ගමනාගමනයට බාධා ඇතිව තිබුණා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වාද්දුව පොලිසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරයි

Shares: