උණුසුම් පුවත්

ශ්‍රී ලංකාවේ අපනයන වර්ධනයට ශක්තිමත් ආරම්භයක් – 2026 ජනවාරි වාර්තා හෙලිකරයි

2026 ජනවාරි මාසයේ ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රය සාර්ථක වර්ධනයක් සනිටුහන් කරමින්, ප්‍රධාන වෙළඳපොළවලට යැවූ භාණ්ඩ ප්‍රමාණය ඉහළ ගොස් තිබෙනවා.

🇮🇳 ඉන්දියාව දෙවැනි විශාලතම අපනයන ගමනාන්තය ලෙස ඉදිරියට

India ශ්‍රී ලංකාවේ දෙවැනි විශාලතම අපනයන ගමනාන්තය ලෙස තවදුරටත් ස්ථානය තබා ගනිමින්, 2026 ජනවාරි මාසයේදී අපනයන වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 113.57 දක්වා 38.67%කින් වර්ධනය වී තියෙනවා.

එමෙන්ම එක්සත් රාජධානිය වෙත අපනයන 3.18%කින් ඉහළ ගොස්, වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 82.08ක් ලෙස වාර්තා වී තිබෙනවා.

FTA රටවල් – ඉන්දියාව සහ පාකිස්තානය

පාකිස්තානය සමඟ එකඟතා වෙළඳ ගිවිසුම් (FTA) යටතේ, ඉන්දියාව සහ පාකිස්තානය වෙත අපනයන ශ්‍රී ලංකාවේ මුළු භාණ්ඩ අපනයන වලින් 10.5%ක් නියෝජනය කරයි.

* ඉන්දියාව වෙත අපනයන 38.67%කින් ඉහළ ගොස් ඇති අතර, ඉන්ධන තෙල්, ඇඳුම්, සත්ව ආහාර, විදුලි හා ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන මෙහි ප්‍රධාන අංග වේ.
* පාකිස්තානය වෙත අපනයන 32.97%කින් ඉහළ ගොස්, බුලත් කොළ, වස්ත්‍ර සහ පොල් ගෙඩි ආශ්‍රිත නිෂ්පාදන ඉහළ යාමක් පෙන්නුම් කර තිබෙනවා.

යුරෝපා සංගමය වෙත අපනයන වර්ධනය

යුරෝපා සංගමය වෙත අපනයන 12.27%කින් වර්ධනය වී ඇති අතර, එය ශ්‍රී ලංකාවේ මුළු භාණ්ඩ අපනයන වලින් 22%ක් නියෝජනය කරයි.

ප්‍රමුඛ EU වෙළඳපොළ 5ක් ලෙස,

* Germany – ඇ.ඩො. මිලියන 58.05 (7.76% ↑)
* Italy – ඇ.ඩො. මිලියන 57.05 (25.27% ↑)
* Netherlands – ඇ.ඩො. මිලියන 39.02 (6.52% ↑)
* France – ඇ.ඩො. මිලියන 21.49 (3.02% ↓)
* Belgium – ඇ.ඩො. මිලියන 21.11 (7.48% ↑)

මෙම තොරතුරු අනාවරණය කළේ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසිනි.

🔎 සමස්තයක් ලෙස, 2026 ආරම්භයේදී ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රය ස්ථාවර වර්ධන මාර්ගයක ගමන් කරමින් පවතින බව මෙම සංඛ්‍යා දත්ත සනාථ කර තිබෙනවා

Shares: