කෙරවලපිටිය කසල අංගනයේ අද (26) පෙරවරුවේ හටගත් ගින්නක් සම්බන්ධයෙන් සොයාබලන ලෙස පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි උපදෙස් ලබා දී තිබෙනවා.
ඒ අනුව, සිද්ධිය පිළිබඳ විමර්ශන ආරම්භ කිරීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය සහ පරිසර අමාත්‍යංශයේ ඕසෝන් ඒකකයට දැනුම් දී ඇති බව සඳහන් වනවා.
අද පෙරවරුවේ හටගත් ගින්න පසුව ගිනි නිවීමේ රථ 03ක් යොදාගෙන සාර්ථකව නිවා දමා ඇති අතර, සිද්ධිය හේතුවෙන් පරිසරයට ඇතිවිය හැකි බලපෑම් පිළිබඳ අවධානය යොමු කරමින් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කර තිබෙනවා











