මීගමුව සහ කටාන ප්‍රදේශවල ජනතාවට වැදගත් නිවේදනයක් නිකුත් කරමින් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය (NWSDB) මාර්තු 12 වන බ්‍රහස්පතින්දා දින පැය 16ක ජල සැපයුම් අත්හිටුවීමක් සිදු කරන බව දැනුම් දී තිබෙනවා.
මෙම ජල කප්පාදුව සිදු කිරීමට හේතුව වී ඇත්තේ බම්බුකුලිය ජල පවිත්‍රාගාරයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු සිදු කිරීමයි. ඒ අනුව එදින පෙ.ව. 8.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා ජල සැපයුම තාවකාලිකව අත්හිටුවනු ඇත.
මෙම කාලය තුළ මීගමුව මහ නගර සභාව යටතේ ඇති සියලුම ප්‍රදේශ සහ කටාන ප්‍රාදේශීය සභාව යටතේ ඇති ප්‍රදේශ කිහිපයක් සඳහා ජල සැපයුම අත්හිටුවීමට නියමිතය. එයට ඇටියවල, ජන්කුරවෙල, කළුවරිප්පුව, මිරිස්වත්ත, කෝන්ගොඩමුල්ල, හල්පේ, ආණ්ඩිමුල්ල, අම්බලයාය, තෝප්පුව සහ වයික්කාල් යන ග්‍රාම නිලධාරී කොට්ඨාශද ඇතුළත් වනවා.
මෙම තාවකාලික ජල කප්පාදුව හේතුවෙන් ජනතාවට ඇතිවිය හැකි අපහසුතාව පිළිබඳව ජල සම්පාදන මණ්ඩලය කණගාටුව පළ කර ඇති අතර, අදාළ කාලය තුළ ජලය අවශ්‍ය පරිදි සකස් කර ගනිමින් අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙසද පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටිනවා.










