උණුසුම් පුවත්කාළගුණය

අද කාලගුණ අනාවැකි පිළිබඳ විශේෂ දැනුම්දීම

අද (20) දින පස්වරු 2.00 න් පසු මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත්, ගාල්ල, මාතර, මන්නාරම, අනුරාධපුර සහ වවුනියාව දිස්ත්‍රික්කවලත් ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව අනාවැකි කර තිබෙනවා.

එසේම, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල සහ ගාල්ල, මාතර, කළුතර, ගම්පහ, කුරුණෑගල සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල අලුයම කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ද ඇතිවිය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං සහ අකුණු ඇති විය හැකි බැවින්, එම අවස්ථාවලදී අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටිමු.

Shares: