පවතින අධික උණුසුම් කාලගුණයත් සමඟ, දරුවන්ගේ සෞඛ්‍යය සුරක්ෂිත කිරීම පිළිබඳව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල හි විශේෂඥ වෛද්‍යවරුන් මහජනතාවට වැදගත් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.
ළමා රෝග විශේෂඥ දීපාල් පෙරේරා මහතා පෙන්වා දෙන්නේ, මේ දිනවල දරුවන් විජලනයට ලක් වීමේ අවදානම වැඩි වී ඇති බවයි. එබැවින්, ඔවුන්ට හැකි තරම් ජලය සහ ස්වාභාවික තරල ලබා දීම අත්‍යවශ්‍ය බවත්, විශේෂයෙන් නිදිමත ගතිය, ආහාර රුචිය අඩුවීම, ශරීර වේදනාව වැනි ලක්ෂණ පෙනී යන්නේ නම් වහාම තරල පරිභෝජනය වැඩි කළ යුතු බවත් ඔහු අවධාරණය කර තිබෙනවා.
උණුසුම වැඩිවීමත් සමඟ සමේ රෝග—විශේෂයෙන් කුෂ්ඨ සහ ආසාදන—වැඩි වීමේ අවදානමක්ද පවතින බැවින්, දරුවන් දිනකට අවම වශයෙන් දෙවරක්වත් ස්නානය කිරීම වැදගත් බව උපදෙස් ලබා දී තිබෙනවා. එමෙන්ම, මිනිත්තු 20 ක් පමණ ජලයේ රැඳී සිටීමද ශරීර උෂ්ණත්වය පාලනයට සහ චර්ම සෞඛ්‍යයටද උපකාරී වනවා.
විශේෂයෙන් පාසල් මලල ක්‍රීඩා සහ වෙනත් ක්‍රීඩා කටයුතු අතරතුර ප්‍රමාණවත් ලෙස ජලය පානය නොකළහොත්, දරුවන්ට විජලනය හෝ තාප ආඝාතය (Heat Stroke) ඇතිවීමේ අවදානම වැඩි බවයි තවදුරටත් සදහන් කර තිබුණෙ. එවැනි තත්ත්වයන් හදවත සහ මොළය වැනි වැදගත් අවයව වලට දැඩි බලපෑම් ඇති කරමින්, සමහර විටක අවස්ථාවලදී ජීවිතයටත් තර්ජනයක් විය හැක.
👨👩👧👦 දෙමාපියන්ට සහ භාරකරුවන්ට උපදෙස්:
✔️ දරුවන්ට නිතර ජලය පානය කිරීමට මතක් කරන්න
✔️ හිරු එළියට නිරාවරණය වීම සීමා කරන්න
✔️ රෝග ලක්ෂණ පෙනී යන විට වහා ක්‍රියා කරන්න
✔️ සෞඛ්‍ය ආරක්ෂාවට ප්‍රමුඛතාවය දෙන්න











