දේශීය

අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්තගේ නිවස සහ සමාජ ප්‍රාග්ධනය – ජනමාධ්‍යවල සහ ජනතාව අතර විවේචනයට

අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්තගේ නිවසේ පැවති දානමය පුණ්‍යකර්මයක් අතරතුර ජනාධිපති අනුර කුමාර දිසානායක, අගමැති හරිනි අමරසූරිය ඇතුළු රජයේ ඉහළ පෙළේ පුද්ගලයින්ගේ සරලකම සහ නිහතමානීත්වය දැක්වූ ඡායාරූප සමාජ මාධ්‍යවල පසුගියදා සංසරණය වී තිබුණා.

කෙසේ වෙතත්, මේ ඡායාරූප හරහා සමහරක් විරෝධාත්මක අදහස් පළ වී තිබෙනවා. ජනතාව මතුකරන්නේ, කෙටි කාලයකින් මහල් තුනක නිවසක් ඉදිකිරීමට අමාත්‍යවරයාට මුදල් ලැබී තිබු ආකාරය පිළිබඳ පැනයයි.

අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත ‘ප්‍රකම්පන’ යූටියුබ් සංවාදයේදී පැවසා තිබුණේ, නිවස ඉදිකිරීමට මුදල් උපයා ගැනීම සම්බන්ධයෙන් ආරම්භක වශයෙන් පක්ෂ මුදල් හෝ රජයේ මුදල් ලබා නොගත් බවත්, ඉඩම් විකුණුමක් හරහා මුදල් ලබාගත් බවටයි.

සමාජ ප්‍රාග්ධනය යනු, පුද්ගලයන් හෝ කණ්ඩායම් අතර ඇති සම්බන්ධතා, විශ්වාස සහ සහයෝගය මඟින් ලැබෙන උපකාර සහ වාසි,
සරලව කිව්වොත්, යාලුවන්, පවුලේ අතර ඇති විශ්වාස සහ එකිනෙකාට උපකාර වශයෙන් ලබා දීම සමාජ ප්‍රාග්ධනයයි.
ලෙස සමාජ විද්‍යාවේ අර්ථ දක්වා තිබෙන බවයි.

අමාත්‍යවරයාගේ වත්කම් බැරකම් ප්‍රකාශය පසුගිය වසරේ (2025) සැප්තැම්බර් මාසයේදී නිලවශයෙන් පැහැදිලි කළ අතර, වත්කම් අල්ලස් හෝ දූෂණ සඳහා භාවිතා නොවූ බවද ඔහු ප්‍රකාශ කර තිබෙනවා. නමුත්, ඔහුගේ වත්කම් බැරකම් ප්‍රකාශය අල්ලස් සහ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවියේ තවමත් පළ කර නොමැති අතර, ශ්‍රී ලංකා ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය මෙය විමර්ශනය කරමින් පවතින බව වැඩි දුරටත් සඳහන් වනවා.

සැක සහිත දේපළ හා වත්කම් සම්බන්ධයෙන් ජනතාවට පැමිණිලි ඉදිරිපත් කිරීමට 1818 ක්ෂණික දුරකතන අංකය ලබාදී තිබෙනවා

 

Shares: