කාළගුණය

අධික වැසි හේතුවෙන් වැලිපැන්න අධිවේගී පිවිසුම ජලයෙන් යටවේ

පවතින අධික වැසි තත්ත්වය හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොළඹ දෙසට පිවිසෙන වැලිපැන්න අන්තර් හුවමාරු පිවිසුම ජලයෙන් යටවී ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය (RDA) නිවේදනය කර තිබෙනවා.

එම තත්ත්වය හේතුවෙන්, වැලිපැන්න පිවිසුමෙන් කොළඹ දෙසට අධිවේගී මාර්ගයට ඇතුළු වීමට උත්සාහ කරන සැහැල්ලු වාහන සඳහා මේ වනවිට ගමනාගමනය සීමා කර ඇති බව වාර්තා වනවා.

අධික ජල මට්ටම සහ මාර්ගයේ ආරක්ෂාව සලකා මෙම තීරණය ගෙන ඇති අතර, රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙස බලධාරීන් දැනුම් දී තිබෙනවා.

වැලිපැන්න අන්තර් හුවමාරුව භාවිත කිරීමට පෙර මාර්ග තත්ත්වය පරීක්ෂා කරන්න
අධික වැසි සහ ජලගැලීම් පවතින ප්‍රදේශවල අධික වේගයෙන් ධාවනය කිරීමෙන් වළකින්න
රිය පදවන අතර ජංගම දුරකථන භාවිතයෙන් වළකින්න
හදිසි අවස්ථාවකදී ආරක්ෂිත ස්ථානයකට යොමු වන්න

පසුගිය දින කිහිපය පුරා දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අධික වැසි ඇදහැලෙමින් පවතින අතර, ගංවතුර සහ මාර්ග ජලයෙන් යටවීම් රැසක් වාර්තා වී තිබෙනවා.

බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, අනවශ්‍ය ගමන් බිමන් අවම කර ආරක්ෂිතව කටයුතු කරන ලෙසයි.

නවතම මාර්ග සහ කාලගුණ තොරතුරු සඳහා අප සමඟ රැඳී සිටින්න.

Shares: