ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම්වරයාට පහරදීමේ චෝදනාවට වරදකරු වූ ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමන්තට හලාවත මහාධිකරණය විසින් වසර පහමාරක සිර දඬුවමක් නියම කර තිබෙනවා.
අද (15) දිනයේ මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළ බවයි සඳහන් වන්නේ.
සිර දඬුවමට අමතරව, පහරදීමට ලක්වූ ප්‍රාදේශීය ලේකම්වරයාට රුපියල් මිලියනයක වන්දියක් ගෙවන ලෙසද අධිකරණය විත්තිකරුට නියෝග කර තිබෙනවා.
එම වන්දිය ගෙවීමට අපොහොසත් වුවහොත් තවත් මාස 24 ක සිර දඬුවමක් නියම වන බවද අධිකරණය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
මෙම පහරදීමේ සිද්ධියට අදාළව මුලින් චෝදනා ගොනු කර තිබුණේ හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සහ ඔහුගේ සහෝදරයාට එරෙහිවයි.
කෙසේ වෙතත්, 2024 ජනවාරි 25 වනදා කටුනායක අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් සනත් නිශාන්ත මිය යාමෙන් අනතුරුව නඩු විභාගය ඉදිරියට ගෙන යනු ලැබුවේ ඔහුගේ සහෝදරයාට එරෙහිව පමණි.
අද නඩුව විභාගයට ගත් අවස්ථාවේදී ඉදිරිපත් කළ සාක්ෂි සහ කරුණු සලකා බැලීමෙන් අනතුරුව හලාවත මහාධිකරණය මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර තිබෙනවා.











