කාළගුණය

අඩු පීඩන කලාපයේ බලපෑම තවදුරටත් දිවයින පුරා – ප්‍රදේශ රැසකට වැසි සහ ගිගුරුම් සහිත කාලගුණයක්

ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය තවදුරටත් සක්‍රීයව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (16) නිකුත් කළ නවතම කාලගුණ විශ්ලේෂණයේ සඳහන් කර තිබෙනවා.

මෙම පද්ධතියේ හැසිරීම, සංවර්ධනය සහ ගමන් මාර්ගය අඛණ්ඩව නිරීක්ෂණය කරමින් සිටින බවද දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා.

ඒ අනුව, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල අහස වළාකුළු සහිතව පවතින අතර විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තරමක් තද වැසිද ඇතිවිය හැකි බව සඳහන්.

අනුරාධපුර දිස්ත්‍රික්කයේද වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි අතර, ඌව සහ නැගෙනහිර පළාත්වල පස්වරු 1.00 න් පසු ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කෙරෙනවා.

ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවල තද සුළං සහ අකුණු මඟින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට ප්‍රමාණවත් ආරක්ෂිත පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

අනවශ්‍ය ගමන් සීමා කරන්න

ජලයෙන් යටවන මාර්ග පිළිබඳ සැලකිලිමත් වන්න

අකුණු සහිත අවස්ථාවල විදුලි උපකරණ භාවිතයෙන් වළකින්න

 

Shares: