ශ්‍රී ලංකාවේ කලා හා සංස්කෘතික උරුමයට අදාළ බරපතළ අනාවරණයක් අද (21) පාර්ලිමේන්තුවේදී හෙළි වී තිබෙනවා.
ජාතික කලාභවනේ තිබූ පෞරාණික සිතුවම් 42ක් අතුරුදන් වී ඇති බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා අද පාර්ලිමේන්තුවට දැනුම් දී තිබෙනවා.
අද පාර්ලිමේන්තුවේදී වාචික ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මෙම කරුණු අනාවරණය කළ අතර, මෙය රටේ කලා උරුමය හා පෞරාණික වටිනාකම් සම්බන්ධයෙන් බරපතළ අවධානයක් යොමු කළ යුතු සිදුවීමක් ලෙස සැලකෙනවා.
අතුරුදන් වූ මෙම පෞරාණික සිතුවම් පිළිබඳ වැඩිදුර තොරතුරු සහ පරීක්ෂණ කෙරෙහි මේ වනවිට ජනතා අවධානය යොමු වී තිබෙනවා.










