දේශීය

හර්ෂණ නානායක්කාරට එරෙහි විශ්වාසභංග විවාදය අද පාර්ලිමේන්තුවේදී

අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීම පිළිබඳ පුවත

අධිකරණ අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාර මහතාට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව අද (24) දින පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතය.

පසුගිය බදාදා රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් මෙම තීරණය ගෙන ඇති බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය. අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව විපක්ෂය විසින් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා වෙත පසුගිය 21 වනදා භාරදී තිබුණි.

මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ සිද්ධියේදී රැඳවියන්ගේ සහ නිලධාරීන්ගේ ආරක්ෂාව පිළිබඳව සිය වගකීම සහ වගවීම ඉටු කිරීමට අපොහොසත් වීම හේතුවෙන් අධිකරණ අමාත්‍යවරයාට එරෙහිව මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව අද දින උදෑසන 9.30 සිට 10 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර තිබේ. පෙරවරු 10 සිට 11 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහාත්, පෙරවරු 11 සිට 11.30 දක්වා කාලය ස්ථාවර නියෝග 27/2 යටතේ වන ප්‍රශ්න සඳහාත් වෙන් කර ඇත.

ඉන් අනතුරුව පෙරවරු 11.30 සිට පස්වරු 5.30 දක්වා කාලය තුළ අධිකරණ අමාත්‍ය නීතීඥ හර්ෂන නානායක්කාර මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව දීර්ඝ ලෙස විවාදයට ගැනීමට නියමිතය.

YouTube: https://www.youtube.com/@lankahitnews
Facebook: https://www.facebook.com/officiallankahitnews
TikTok: https://www.tiktok.com/@lankahitnewsofficial
Twitter/X: https://x.com/HitNewsLanka
Website: https://www.lankahitnews.com

ඔබේ ප්‍රදේශයේ පුවත් අපට එවන්න:
WhatsApp: 072 746 4185
Email: [email protected]

Shares:
Leave a Reply

Your email address will not be published. Required fields are marked *