විදෙස්

කුෂ් කිලෝ 12ක් සමග තිදෙනෙක් ගුවන්තොටේ දී මාට්ටු

කුෂ් කිලෝ 12ක් සමග තිදෙනෙක් ගුවන්තොටේ දී මාට්ටු

කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 12 ග්‍රෑම් 160ක් සමඟ සැකකරුවෙකු හා සැකකාරියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේදී අද (07) අලුයම පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකින් අනතුරුව මෙම සැකකරුවන්ව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට මැලේසියානු ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

සැකකරු අවුරුදු 42ක් සහ සැකකාරියන් අවුරුදු 22 හා 43 වයස්වල පසුවන ඉන්දීය ජාතිකයන් බව සඳහන්ය.

සැකකරුවන් ශ්‍රී ලංකාවට මෙම මත්ද්‍රව්‍ය ආනයනය කිරීම, සන්තකයෙහි තබා ගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනා යටතේ මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර රඳවා තබා ගෙන වැඩිදුරටත් විමර්ශන සිදුකිරීමට නියමිතය.

Shares: