දේශීය

“මාව බයිට් එකට ගන්න එපා” ජනපතිගේ කතාව මැද හර්ෂ නැගිටියි.!

“මාව බයිට් එකට ගන්න එපා” ජනපතිගේ කතාව මැද හර්ෂ නැගිටියි.!

අද (7) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුව අමතමින් පැවසූවේ, විපක්ෂය විසින් ආර්ථිකයේ බිඳ වැටීම සම්බන්ධයෙන් ව්‍යවසනකාරී සිහිනයක් දකින බවත් එම විනාශකාරී සිහිනය කිසිදු දිනක ඉටුනොවන බවත්ය.

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා විසින් සිදුකළ එවැනි ප්‍රකාශ කිහිපයක් උපුටා දක්වමින් ජනාධිපතිවරයා පැවසූවේ එම ප්‍රකාශ සියල්ලම මේ වනවිට අවලංගු වී ඇති බවයි.

කෙසේවෙතත් අවසන් මොහොතේදී නැගී සිටි හර්ෂද සිල්වා මහතා “මාව මෙතන තියන් බයිට් එකට ගන්න එපා ජනාධිපති තුමා” යැයි පවසමින් ඊට ප්‍රතිචාර දැක්වීය.

Shares: