පෑලියගොඩ, ඥානරතන මාවත ප්‍රදේශයේ දී අද (19) උදෑසන නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා.
යතුරුපැදියකින් පැමිණයි මෙම වෙඩි තැබීම සිදු කර ඇත්තේ.
වෙඩිතැබීමෙන් පෑලියගොඩ මාළු වෙළෙඳාමේ යෙදෙන පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.
ඔහු රෝහලට ඇතුළත් කළ බවයි පොලිසිය පැවසුවේ.











