දේශීය

සරණ ගුණවර්ධනට එරෙහි නඩුවේ වැඩිදුර විභාගයට දින දෙයි

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටි අවධියේ කල් බදු ක්‍රමය යටතේ වාහන මිලදී ගැනීමේදී රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍ය සරණ ගුණවර්ධනට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුවේ වැඩිදුර විභාගය ඔක්තෝබර් මස 01 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.

මෙම නඩුව අද කොළඹ මහාවිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න මහතා ඉදිරියේදීයි කැඳවනු ලැබුවේ.

එහිදී පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි සටහන් කර ගැනීම සිදුකෙරුණා.

වැඩිදුර සාක්ෂි විභාගය ඔක්තෝබර් මස 01 වැනිදා තෙක් කල් තැබුණේ ඉන් අනතුරුවයි.

2006 වසරේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී එම ආයතනයට කල්බදු ක්‍රමය යටතේ වාහන ලබාගැනීමේදී රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය උල්ලංඝනය කරමින් වාහන ලබා ගැනීම තුළින් රජයට පාඩුවක් සිදු කළ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය සරණ ගුණවර්ධනට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබෙනවා

Shares: