දේශීය

මානසික සෞඛ්‍ය වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අනුමැතිය

මානසික සෞඛ්‍ය වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අදාළව කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ශ්‍රී ලාංකිකයින් අතර සියදිවි නසා ගැනීම් අනුපාතය ඉහළ යාම, මත්ද්‍රව්‍ය භාවිතය වැඩි වීම සහ විශේෂයෙන් නව යොවුන් වියේ සහ තරුණ වැඩිහිටියන් අතර මනෝ සමාජීය ගැටලු පැන නැගීම බහුලව දක්නට ලැබෙන්නක්.

ඒ අනුව, මානසික සෞඛ්‍ය ගැටලු විසඳීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිණිස රුපියල් මිලියන 250ක ප්‍රතිපාදන වෙන් කරනු ලැබුවේ 2025 අයවැය යෝජනාවක් පරිදියි.

ඒ යටතේ, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් පාසල් සිසුන් සහ නව යොවුන් වියේ පසුවන්නන් සඳහා දැනුම්වත් කිරීමේ සහ උපදේශන සේවා පුළුල් කිරීම අරමුණු කරගත් මධ්‍යකාලීන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට යෝජනා කර තිබෙනවා.

ඒ අනුව, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය, ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය, ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය, පළාත් හා ප්‍රාදේශීය සෞඛ්‍ය සේවාවන්, රෝහල් සහ අනෙකුත් අදාළ ආයතන සමඟ එක්ව යෝජිත වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාවයි අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවේ.

Shares: