උණුසුම් පුවත්දේශීය

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙබ් අඩවියට අනවසර ඇතුළුවීමක් – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් අනතුරු ඇගයීම

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙබ් අඩවියට අනවසර ඇතුළුවීමක් සිදු වී ඇති බවට සැකයක් පවතින බවයි. මේ සම්බන්ධයෙන් වෙබ් අඩවියේ පවතින විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවා ව්‍යවස්ථාව (Service Minutes) පිළිබඳ ලිපි අවිධිමත් ආකාරයෙන් ඇතුළත් කර ඇති බවද සංගමය පෙන්වා දෙනවා.

සංගමය වැඩිදුරටත් අවධාරණය කරන්නේ, එම ලිපි නිල ලේඛනයක් නොවන අතර, දිනයක්, යොමු කරන ලද පාර්ශවයක්, හෝ සම්බන්ධීකරණ නිලධාරියෙකු නොමැතිව සකස් කර ඇති අවිධිමත් ලේඛනයක් පමණක් බවයි.

මෙම සිදුවීම රජයේ වෙබ් අඩවි ආරක්ෂාව හා සෞඛ්‍ය දත්ත ආරක්ෂාව පිළිබඳ ගැඹුරු අවධානයක් ලබා දෙනවා ලෙස විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.

Shares: