දේශීය

දෛනික පොලිස් මෙහෙයුම්වලින් 1213ක් අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවන්, මත්ද්‍රව්‍ය, නීති විරෝධී ගිනි අවි හා රථවාහන අත්අඩංගුවට ගැනීම සදහා දියත්කර ඇති දෛනික මෙහෙයුම් මාලාවේ ඊයේ (26) දින සිදු කළ මෙහෙයුම් මගින් පුද්ගලයන් 1213ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ දිනය පුරා ශ‍්‍රී ලංකා පොලීසියේ, පොලිස් විශේෂ කාර්ය බලකායේ සහ ත‍්‍රිවිධ හමුදාවේ නිලධාරීන් 6244 දෙනෙකු සම්බන්ධ වීමෙනුයි මෙම විශේෂ සෝදිසි මෙහෙයුම් සිිදු කර ඇත්තේ.

එහිදී පුද්ගලයන් 25873 දෙනෙක් පරීක්ෂාවට ලක් කෙරුණු අතර වාහන 11078 ක්ද යතුරු පැදි 7587 ක ප‍්‍රමාණයක්ද පරීක්ෂාවට ලක් කර තිබෙනවා.

දිවයිින පුරා ඊයේ දිනදී සිදු කළ වැටලීම්වලදී පමණක් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයන් සංඛ්‍යාව 762ක්.

එමෙන්ම අපරාධවලට සෘජු ලෙස සම්බන්ධ පුද්ගලයන් 35 දෙනෙකුද, වරෙන්තුකරුවන් 416 දෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එමෙන්ම 2025-08-20 දින සිට 2025-08-26 දින දක්වා වන සතියක කාලය තුළදී පමණක් මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි සම්බන්දයෙන් පමණක් 6197 දෙනෙක් අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇති අතර එකී සතියක කාලය තුළදී අත්අඩංගුවට ගත් වරෙන්තුකරුවන් ගණන 3084ක්.

එසේම එකී සතියක කාලය තුළදී අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් 186 දෙනෙක්ද අත්අඩංගුවට පත්ව තිබෙනවා.

මේ අනුව විශේෂයෙන්ම රට තුළ ඇති මත්ද්‍රව්‍ය තුරන් කිරීම සඳහාත්, සංවිධානාත්මක අපරාධකරුවන්ගේ ක‍්‍රියාකලාපය මර්ධනය කිරීම සඳහාත්, මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම සඳහාත්, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ අධීක්ෂණය මත ශ‍්‍රී ලංකා පොලීසියේත් ත‍්‍රිවිධ හමුදාවේත් සහභාගීත්වයෙන් මෙහෙයුම් අඛණ්ඩව විශාල වශයෙන් ක‍්‍රියාත්මක වෙමින් පවතින බවයි මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

Shares: