දේශීය

ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, මාධ්‍යයට කරන ලද ප්‍රකාශයක් පිළිබඳව පරීක්ෂණයක්

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිහ මහතා සම්බන්ධයෙන් මාධ්‍යයට කරන ලද ප්‍රකාශ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය පරික්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

අමාත්‍යාංශ විමර්ශන ඒකකය මගින් එම පරීක්ෂණ සිදුකෙරෙනු ඇති.

මේ අතර, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය ගැන කර ඇති ප්‍රකාශයක් පිළිබඳවද පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රුක්ෂාන් බෙල්ලන මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගනු ලැබුවා.

Shares: