මවක හා පුතෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරු හඳුනාගත් බව කරන්දෙණිය පොලීසිය පවසනවා.
කරන්දෙණිය පොලිස් වසමේ කැබැල්ලගොඩ ප්රදේශයේ දී මෙලෙස කාන්තාවකට හා පිරිමි පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබුණේ ඊයේ (11) සවස් කාලයේදීයි.
ඝාතනයට ලක්වී තිබුණේ වයස අවුරුදු 74ක් සහ වයස අවුරුදු 25ක් වූ කොටවෙල, කරණ්දෙනිය ප්රදේශයේ පදිංචි මව හා පුත්රයෙකු බවයි පොලීසිය ප්රකාශ
කළේ.
ඔවුන් දෙදෙනාගේ මෘතශරීර ඇල්පිටිය රෝහලේ මෘතශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.
ඝාතනය සිදු කළ බවට සැකකරන වයස අවුරුදු 43ක් වන සැකකරු ඝාතනයට ලක්වු පුද්ගලයින්ගේ නිවස ආසන්න නිවසක පදිංචිකරුවෙක් බවටයි හඳුනාගෙන ඇත්තේ.
කෙසේවෙතත් ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා කරන්දෙණිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.











