බන්ධනාගාරගත වන පුද්ගයින් සංඛ්‍යාව අඩු කිරීම අරමුණ විය යුතු බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා පැවැති 27 වැනි සිරකරු දින උත්සවයට එක්වෙමින්.
එහිදී අදහස් දක්වමින් ඔහු සඳහන් කර සිටියේ බන්ධනාගාරගත වන සිරකරුවන් වෙනුවෙන් සිරකරු සුභ සාධක සංගමය විසින් ලබා දෙන සේවය ප්‍රශංසනීය වන බවයි.
එමෙන්ම මේ වන විට බන්ධනාගාර තුළ සිරකරුවන්ගේ විශාල තදබදයක් පවතින බවත්, එම තදබදය අඩු කරමින් අවශ්‍ය පහසුකම් සැපයීම රජයේ වගකීමක් බවද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා.
එහිදී බන්ධනාගාරගත වන පුද්ගලයින් සංඛ්‍යාව අවම කිරීමත්, බන්ධනාගාරගත වන සියලු දෙනාගේ මානව අයිතිවාසිකම් ආරක්ෂා වන පරිදී පහසුකම් ඇති කිරීමත් අතිශයින් වැදගත් වන බවයි හර්ෂණ නානායක්කාර මහතා මෙහිදී අවධාරණය කරනු ලැබුවේ.
එමෙන්ම අමාත්‍යවරයා කියා සිටියේ නීතිය ඉදිරියේ සියලු පුද්ගලයින් එක හා සමාන වන බවත්, රජයක් ලෙස නීතියේ විධානයේ අධිපත්‍ය සුරක්ෂා කරමින් සමානාත්මතාවයෙන් යුතු රටක් නිර්මාණය කරන බවයි.
මේ අතර සිරකරු සුභ සාධක දිනයට සමගාමීව දිවයිනේ බන්ධනාගාර 28ම ආවරණය වන පරිදි සිරකරුවන් වෙනුවෙන් ආධ්‍යාත්මික, ක්‍රීඩා, සෞඛ්‍ය, සංස්කෘතික සහ නීති උපදේශන වැඩසටහන් සංවිධානය කිරීමටයි කටයුතු යොදා ඇත්තේ.
එහිදී සිරකරුවන්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය සහ ස්වයං රැකියාවල නිරත සිරකරුවන්ට උපකරණ ප්‍රධානය කිරීම සහ සිරකරු දින කොඩි පැළඳවීම ද මෙහිදී සිදු කෙරුණා.











